XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

Médecins Sans Frontières වෙත XM සහාය සපයයි

පළ කළ දිනය: 07/02/2023 16:22 GMT

අපගේ ආයතනික සමාජ වගකීමේ කොටසක් වශයෙන් සහ ලොව පුරා සිටින අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත උපකාර කිරීම සඳහා අපි මෑතකදී Médecins Sans Frontières (MSF) වෙත පරිත්‍යාගයක් සිදු කළෙමු. මෙය අපගේ 48වන සහ 2022 වසරේ අවසාන ආයතනික සමාජ වගකීම වූ අතර MSF සඳහා අපගේ සහයෝගය අඛණ්ඩව සපයයි. සෑම දිනකම අපගේ පුවත් යුද්ධය, ගැටුම්, ස්වභාවික විපත් මෙන්ම මිනිසුන්ට පීඩා විඳීමට සිදුවන සහ ක්ෂණික වෛද්‍ය උපකාරය අවශ්‍ය කරන සිදුවීම්වලින් අඩුවක් නොමැතිව පිරී පවතී. ඇතැම් විට, සනීපාරක්ෂක පද්ධති හෝ ආරක්ෂිත පානීය ජලය සැපයීම වැනි අප [..]

post-image

XM ළමා චිකිත්සාගාර නවීකරණයට පරිත්‍යාග සිදු කරයි

පළ කළ දිනය: 06/02/2023 15:30 GMT

අපගේ නවතම ආයතනික සමාජ වගකීම් උදෙසා වන මුලපිරීම, ලිමාසොල් නගරයේ ඇති Amerikos Argyriou ළමා චිකිත්සාගාරයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙරෙහි අවධානය යොමු කරන ලදි. මධ්‍යස්ථානය නව මුහුණුවරකට සහ නවීකරණයකට භාජනය වන බැවින් අපගේ පරිත්‍යාගය පහසුකම් වැඩිදියුණු කිරීමට සහ අත්‍යාවශ්‍ය සැපයුම් මිලදී ගැනීමට යොදා ගැනේ. මෙම චිකිත්සාගාරය කැපවූ විශේෂඥ ළමාරක්ෂණ සේවා සපයන සයිප්‍රසයේ ඇති ඒ ආකාරයේ පළමු චිකිත්සාගාරය විය. පෙර එවැනි පූර්වාදර්ශයක් නොතිබූ බැවින් එයට නව බලපත්‍ර නීති සම්පාදනය අවශ්‍ය විය. එය බුද්ධිමය ආබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමේ සම්පූර්ණ වෙනසකට සහ ප්‍රාග්ප්‍රසව පරීක්ෂණ [..]

post-image

හදවත් රෝගවලින් පෙළෙන දරුවන්ට නව වසරට පරිත්‍යාග

පළ කළ දිනය: 27/01/2023 14:30 GMT

හෘද රෝගවලින් පෙළෙන පිලිපීනයේ වරප්‍රසාද නොලත් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සිය නව වසරේ උදාව වඩාත් සතුටින් ගත කිරීමට අපි විශේෂ පරිත්‍යාගයක් සිදු කළෙමු. Chummy Chum පදනම සහ Heart Warriors Philippines පුණ්‍යායතන සමග එක්ව අපි තිලිණ, ආහාර සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය සිදු කළෙමු. නව වසරේ උදාව ඉතාමත් සතුටුදායක කාලයක් විය යුතු නමුත් සිය රෝග සමගින් සටන් කරමින් සිටින මෙම දරුවන්ට ත්‍යාග පමණක් නොව ආහාර වැනි අවශ්‍යතාවන්ද අවශ්‍ය වේ. සෑම දෙනාටම උණුසුම් ආහාර වේලක් සමගින් ත්‍යාගයක් හිමිවිය යුතු බව අපි විශ්වාස කරන [..]

post-image

XM ඉන්දුනීසියා භූකම්පනයේ වින්දිතයින්ට සහන සලසයි

පළ කළ දිනය: 27/01/2023 13:43 GMT

2022 නොවැම්බර් මාසයේදී, ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආහාර පරිත්‍යාග කිරීමට XM ලාභ නොලබන දේශීය සංවිධානයක් වන Benih Baik සමග එක් විය. නොවැම්බර් 21 වන දින ජාවා දූපතේ බටහිර වෙරළ තීරයේ පිහිටා තිබෙන Cianjur කලාපය රිකටර් පරිමාණයේ 5.6ක භූමිකම්පාවකට ගොදුරු විය. එහි නොගැඹුරු අපිකේන්ද්‍රය ව්‍යසනය වඩාත් දරුණු කළ අතර ඒ හේතුවෙන් දහස් ගණන් පුරවැසියන් සිය ජීවිතවලින් වන්දි ගෙවූ අතර බොහෝ පිරිසක් ආබාධයන්ට ලක්විය. නිවාස, පාසල් සහ පොදු පහසුකම් සිය ගණනකට හානි සිදු වීම හෝ ඒවා [..]

post-image

දකුණු අප්‍රිකාවේ ළමුන්ගේ සිහින සැබෑ කරයි

පළ කළ දිනය: 25/01/2023 16:41 GMT

දකුණු අප්‍රිකාවේ බරපතල රෝගාබාධවලින් පෙළෙන තවත් දරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාරී වෙමින් Reach for a Dream පදනම වෙත අඛණ්ඩව සහයෝගය දැක්වීම කෙරෙහි අපි ආඩම්බරයට පත් වන්නෙමු. මෙම දරුවන්ට ඔවුන්ගේ දින චර්යාව පවා දුෂ්කර සටනකි. 2022 වසරේ උත්සව සමය පුරාවට, අපි ළමුන් 5 දෙනෙකුගේ සිහින සැබෑ කර සිය ළමා කාලය නැවත ඔවුනට ලබා දුන්නෙමු. Aatiqah Benjamin Aatiqah යනු වර්ණ කිරීමේ පොත්, ස්පයිඩර්මෑන් සහ පෙපා පිග් වෙත ඇල්මක් දක්වන, සිය සහෝදරිය සහ පූසා සමග සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට කැමති දක්ෂ [..]

post-image

XM රොහින්ග්‍යා ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

පළ කළ දිනය: 13/01/2023 14:30 GMT

XM හිදී අපි කිසිදු විටෙක අපගේ මූලික පරමාර්ථය වන ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහි බලපෑමක් ඇති කිරීමෙන් ඉවතට නොයන්නෙමු. දිළිඳු පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල මෙය වඩාත් සත්‍ය වේ. ඉතා මෑතකදී අපි Humanitarian Care Malaysia Berhad (MyCARE) සමග අත්වැල් බැඳ ගනිමින් සෙලන්ගෝ සහ ජොහොර්හි ඉගෙනුම් මධ්‍යස්ථාන 3ක රොහින්ග්‍යාවරුන්ගේ සරණාගත දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නෙමු. අපගේ ප්‍රධාන විධායක නිලධාරී Stavri Morti මෙනෙවිය ඇතුළු අපගේ විදේශීය කණ්ඩායම පරිත්‍යාග ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ටාෆිස් අල්-අමින්හි එක් ඉගෙනුම් මධ්‍යස්ථානයක් වෙත පිවිසි අතර ළමුන් [..]

post-image

XM අසාධ්‍ය දරුවන්ට නත්තලේ සතුට ගෙන එයි

පළ කළ දිනය: 10/01/2023 15:07 GMT

දෙසැම්බරයේදී අපි Reach for a Dream පදනමේ අපගේ සඟයින් සමග දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි Tygerberg රෝහලේ දරුවන්ගේ සුව දුක් සොයා බැලීමට ගියෙමු. ඒ ඔවුන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන ඒමේ අරමුණිනි. ජීවිත අවදානම් තත්ත්වවලින් සිටින දරුවන් නත්තල් උත්සවයෙන් සතුටු වීමට රෝහලේ ක්‍රීඩාංගනයට එක්රැස් විය. Reach for a Dream පදනමේ විනෝදාස්වාදකයාගේ විස්මිත ඉන්ද්‍රජාලික උපක්‍රම සහ විහිළුවලින් ඔවුහු ප්‍රමෝදයට පත්වූහ. විනෝදාස්වාදය සහිත ක්‍රීඩා සමගින් උත්සවය ඉදිරියට පැවැත්වුණු අතර ප්‍රසන්න කාලගුණය අත්විඳිමින් එකිනෙකා සමග මෙන්ම පදනමේ ස්වේච්ඡා සේවකයින් සමග සෙල්ලම් කිරීමට ඔවුනට අවස්ථාව හිමිවිය. පසුව [..]

post-image

උගන්ඩාවේ අනාථ දරුවන් සඳහා XM ගෙන එන පුණ්‍යාධාර

පළ කළ දිනය: 05/01/2023 17:00 GMT

2022 දෙසැම්බරයේදී, අපගේ පස්වන පුණ්‍ය සත්කාර අරමුදල් රැස් කිරීම XM සංවිධානය කරන ලදි. උගන්ඩාවේ අනාථ දරුවන් සඳහා මුදල් රැස් කිරීමට උගන්ඩාවේ සාදන ලද භාණ්ඩ සහ අතුරු කෑම අපගේ සයිප්‍රසයේ සහ ග්‍රීසියේ කාර්යාලවල විකුණන ලදි. මෙය Saint Antonios of Monde අනාථ නිවාසය සඳහා XM ලබා දෙමින් පවතින සහයෝගයේ එක් කොටසකි. මෙම සද්කාර්ය සඳහා අපගේ ස්වේච්ඡා සේවකයින් විසින් පිසින ලද රසවත් කෑම වර්ග මිලදී ගෙන රස විඳීමෙන් දිළිඳු පුද්ගලයින්හට උපකාර කිරීමට XM හි සේවකයින්ට නැවතත් අවස්ථාව හිමි විය. වර්ණවත් ගෘහ භාණ්ඩ, ආභරණ [..]

post-image

XM සයිප්‍රසයේ සුනඛ අභය භූමියකට සහාය සලසයි

පළ කළ දිනය: 14/12/2022 16:30 GMT

නොවැම්බර් මාසයේදී අපි සයිප්‍රසයේ Sirius සුනඛ අභය භූමියට සුනඛ ආහාර මිලදී ගැනීම සඳහා පරිත්‍යාගයක් සිදු කළෙමු. එය අපගේ ස්වේච්ඡා සේවකයින්ටද සුනඛයින් සමග සෙල්ලම් කරමින් ඔවුන්ට ආහාර සැපයීමට මෙන්ම ඇවිදීමට උපකාර කරමින් කාලය ගත කිරීමට හිමි වූ අවස්ථාවකි. Sirius සුනඛ අභය භූමියෙහි හිමිකරුවන් නොමැති අයාලේ යන සුනඛයින් 170කට අධික සංඛ්‍යාවක් වාසය කරයි. එය රජයේ අරමුදල් නොමැතිව ස්වේච්ඡා සේවකයින් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන අතර ආධාරකරුවන්ගෙන් ලැබෙන පුණ්‍යාධාර මත පමණක් රඳා පවතියි. කුඩා පැටවුන්, විශේෂ අවශ්‍යතා ඇති සුනඛයින් ඇතුළු සුනඛයින් විශාල [..]

post-image

XM ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට දායක වෙයි

පළ කළ දිනය: 13/12/2022 13:30 GMT

නොවැම්බරයේදී, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා යෝධ මත්ස්‍යයෙකුගේ හැඩැති ලෝහයෙන් සාදන ලද මුර්තියක් සයිප්‍රසයේ ලිමාසොල්හි ජර්මසෝජියා වෙරළේ ස්ථාපනය කරන ලදි. මෙම කර්තව්‍ය ප්‍රතිචක්‍රීකරණයට දිරිමත් කිරීම සහ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා Ena Emeis සංවිධානය සහ XM ඒකාබද්ධව ගෙන එන ලද ව්‍යාපෘතියකි. ජර්මසෝජියා වෙරළ තීරය විදේශිකයින් සහ දේශීය පුද්ගලයින් අතර ජනප්‍රිය ස්ථානයක් වන නමුත් ස්වභාවික භු දර්ශනයේ සහ සාගර පරිසරයේ සුන්දරත්වය විනාශ කරන කසළ ගැටලුවෙන් පීඩා විඳියි. මෙම නව ස්ථාපනය නරඹන්නන්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දිරිමත් කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවල [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.