XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳ හෝරා

වත්කම් පන්ති 7ක් - වෙළඳ වේදිකා 10ක් - මූල්‍ය උපකරණ 1000කටත් අධික ප්‍රමාණයක්
XM හි ෆොරෙක්ස්, තනි කොටස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති, සමකොටස් සහ තේමාත්මක (thematic) දර්ශක ට්‍රේඩ් කරන්න.

ෆොරෙක්ස් වෙළඳපොළ හෝරා

ප්‍රධාන ෆොරෙක්ස් වෙළඳපොළක් වැසෙන විට වෙනත් එකක් විවෘත වේ. උදාහරණයක් ලෙස GMT අනුව ෆොරෙක්ස් වෙළඳ හෝරා ලොව පුරා චලනය වන්නේ මේ ආකාරයටය: නිව්යොර්ක්හි 13:00 - 22:00 GMT අතරත්, සිඩ්නි 22:00 GMT ට විවෘත වීමත්, ටෝකියෝ 00:00 ට විවෘත වී 09:00 GMT ට වසන අතර ලූපය සම්පූර්ණ වීමට ලන්ඩන් 08:00 ට විවෘත වී 17:00 GMT ටත් අවසන් වේ. සියලුම මහද්වීපවල මහ බැංකුවල සහභාගීත්වය ඇතුව මෙය ලොව පුරා සිටින වෙළඳුන්ට සහ තැරැව්කරුවන්ට දවසේ පැය 24 පුරාම අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට හැකියාව සලසයි.

වැඩි ක්‍රියාකාරීත්වය සහ වැඩි හැකියාවන් පැවතීම

ෆොරෙක්ස් වෙළඳපොළ පැය 24ම විවෘතව පවතින අතර වඩාත් සක්‍රිය වෙළඳ කාල පරිච්ඡේදයන් මොනවාද යන්න දැන ගැනීම වැදගත් වේ.

නිදසුනක් ලෙස, අපි අඩු ක්‍රියාකාරීත්වයක් පවතින කාල සීමාවක් වන 17:00 - 19:00 EST සලකන්නේ නම්, නිව්යෝර්ක් වසා දමා ටෝකියෝ විවෘත වීමට පෙර සිඩ්නි වෙළඳාම සඳහා විවෘත වේ. නමුත් ඒ ප්‍රධාන සැසි තුනටම (ලන්ඩන්, ඇමරිකාව, ටෝකියෝ) වඩා වඩාත් මධ්‍යස්ථ ක්‍රියාකාරීත්වයක් සමගිනි. ඒ නිසාවෙන්, අඩු ක්‍රියාකාරීත්වය යන්නෙන් අදහස් කෙරෙන්නේ මූල්‍ය අවස්ථා අඩු බවයි. ඔබට EUR/USD, GBP/USD හෝ USD/CHF වැනි මුදල් යුගළ වෙළඳාම් කිරීමට අවශ්‍යය නම් යුරෝපය සහ ඇමරිකාව සක්‍රිය වූ විට, 08:00 - 12:00 ත් අතර වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකි වෙයි.

සුපරීක්ෂාකාරීබව සහ අවස්ථාව

ඔබ පරීක්ෂාකාරීව සිටිය යුතු අනෙකුත් ෆොරෙක්ස් වෙළඳ හෝරා වන්නේ රජයේ වාර්තා සහ නිල ආර්ථික පුවත් නිකුත් කරන වේලාවන්ය. මෙම පුවත් නිකුත් කිරීම් නිවැරදිවම සිදු වන්නේ කුමන වේලාවන්වලද යන්න සඳහන් කරමින් රජයන් විසින් කාල සටහන් ඉදිරිපත් කරනු ලැබූවද එම නිකුත් කිරීම් විවිධ රටවල් අතර සමායෝජනය නොකරයි.

ෆොරෙක්ස් වෙළඳාමේ වඩාත් ක්‍රියාකාරී අවස්ථාවන් සමග මේවා සමපාත වන බැවින් විවිධ ප්‍රධාන මුදල් වර්ගවල ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික දර්ශක පිළිබඳ සොයා බැලීම වටී. එවැනි වැඩිවූ ක්‍රියාකාරීත්වය යන්නෙන් අදහස් වන්නේ මුදල් මිලෙහි විශාල අවස්ථාවන් වන අතර ඇතැම් විට ඇණවුම් ඔබ අපේක්ෂා කළ මිලට වඩා වෙනස් මිලකට ක්‍රියාත්මක වේ.

වෙළෙන්ඳෙකු වශයෙන් ඔබට විකල්ප දෙකක් පවතී. ඒ ඔබේ ෆොරෙක්ස් වෙළඳ හෝරාවල පුවත් කාල පරිච්ඡේද ඇතුළත් කිරීම හෝ මෙම කාල පරිච්ඡේද අතරතුර හිතාමතාම වෙළඳාම අත්හිටුවීමට තීරණය කිරීමයි. ඔබ තෝරා ගනු ලබන්නේ කුමන විකල්පය වුවද, පුවත් නිවේදනයක් අතරතුර මිල හදිසියේම වෙනස් වන විට ඔබ ක්‍රියාකාරී ප්‍රවේශයක් ගත යුතුය.

වෙළඳ සැසි

දිනයක් ඇතුළත වෙළඳාම සිදු කරන වෙළඳුන්ට (day traders) වඩාත්ම ඵලදායී හෝරා වන්නේ ලන්ඩන් වෙළඳපොළ විවෘත වන 08:00 GMT සහ ඇමරිකානු වෙළඳපොළ අවසන් වන 22:00 GMT අතර කාලයයි. වෙළඳාම සඳහා හොඳම කාලය වන්නේ ඇමරිකා සහ ලන්ඩන් වෙළඳපොළවල් අතිච්ඡාදනය වන 13:00 GMT - 16:00 GMT අතර කාලයයි. ප්‍රධාන සැසි වන්නේ ලන්ඩන්, ඇමරිකා සහ ආසියානු වෙළඳපොළය.

පහතින් දැක්වෙන්නේ ඔබට වෙළඳපොළෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාරී වන වෙළඳ සැසි පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයකි.

ලන්ඩන් සැසිය - 08:00 GMT - 17:00 GMT අතර විවෘතව පවතී. වඩාත් සක්‍රිය මුදල් ඒකක වන්නේ EUR, GBP, USD වේ.

ඇමරිකානු සැසිය - 13:00 GMT - 22:00 GMT අතර විවෘතව පවතී. වඩාත් සක්‍රිය මුදල් ඒකක වන්නේ USD, EUR, GBP, AUD, JPY වේ.

ආසියානු සැසිය - ඉරිදා 22:00 GMT පමණ වන විට ආරම්භ වෙයි, 09:00 GMT පමණ වන විට යුරොපානු වෙළඳ සැසියට යොමු වන අතර day trading සඳහා එතරම්ම සුදුසු නොවේ.

මාර්ගගත වෙළඳාම

XM වෙළඳ හෝරා ඉරිදා 22:05 GMT සිට සිකුරාදා 21:50 GMT දක්වා පවතී. අපගේ වෙළඳපොළ සාදන්නන් වෙළඳාම් ක්‍රියාත්මක කරන ස්ථානය (dealing desk) වසා තැබෙන විට වෙළඳ වේදිකාව වෙළඳාම් ක්‍රියාත්මක නොකරන අතර නැරඹීමට පමණක් එහි විශේෂාංග පවතී.

ඕනෑම විමසීමක්, තාක්ෂණික අපහසුතා හෝ හදිසි සහාය සඳහා ඊමේල් මගින් හෝ සජීවී චැට් හරහා ඕනෑම වේලාවක අපගේ 24 පැය පාරිභෝගික අත්දැකීම් අංශය සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්න. කරුණාකර ඔබේ ගිණුමේ පිවිසුම් තොරතුරු ඔබ සතුව තබා ගන්න. එවිට ඔබේ ඇණවුම් සම්බන්ධයෙන් ඔබ හට උපකාර කිරීමට අපට හැකියාව පවතී.

Position වැසීම, පවත්නා position එකක් මත take profit හෝ stop loss ඇණවුම් සැකසීම සඳහාද ඔබට අප වෙත ඔබේ ටිකට් අංකය සැපයීමට සිදුවේ. ඔබ සිදු කළ යුත්තේ නිශ්චිත මුදල් යුගළයකට ලංසු සහ විකුණුම් මිලකට (two-way quote) ඉල්ලීම් කිරීම සහ ගනුදෙනුවේ ප්‍රමාණය සඳහන් කිරීම පමණි (උදා."මම ලොට් 10ක් සඳහා ඩොලර් ජපන් යෙන් මිල කැඳවීමකට කැමැත්තෙමි"). මුරපදයට අවසර දීම සාර්ථක නොවන්නේ නම් හෝ ඔබ මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අපේක්ෂා නොකරන්නේ නම් අපට ඔබේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බව කරුණාවෙන් සලකන්න.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.