XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය

නැවත මිල කැඳවීම් නොමැති තථ්‍ය කාලීන ක්‍රියාත්මක කිරීම සමග ෆොරෙක්ස් වෙළඳාම් කරන්න
ඕනෑම උපාංගයකට පහසුකම් සලසන වෙළඳ වේදිකා 10න් තෝරා ගන්න.

XM වඩාත් ප්‍රචලිත ක්‍රියාත්මක කිරීම

2010 සිට නැවත මිල කැඳවීම් නොමැති සහ ඇණවුම්වල ප්‍රතික්ෂේප වීම් නොමැති ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට XM පුරෝගාමී විය. අපි 99.35%ක අපගේ සියලුම ඇණවුම් තත්පරයකටත් වඩා අඩු කාලයකින් ක්‍රියාත්මක වීමත් සමග 100%ක ඇණවුම් ක්‍රියාත්මක කිරීමක් ලබා දෙන්නෙමු.

ඇණවුම් කිරීම

අපගේ වෙළඳ වේදිකාව market, limit, stop සහ trailing stop ඇණවුම් සඳහා සහාය දක්වන අතර වෙළඳ හෝරාවන් අතුරතුර ඕනෑම වේලාවක ඇණවුමක් සිදු කිරීමට ඔබට හැකියාව පවතී. දුරකථනය මගින් වෙළඳාම සහ අපගේ ඕනෑම ගනුදෙනුකරුවෙකු සමග ඍජුව කතා කිරීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් XM හිදී මෙයද සිදු කළ හැකිය. අවසන් වෙළඳාම ක්‍රියාත්මක වන තෙක් ඔබේ position විවෘතව තැබේ. තවද, පවත්නා වෙළඳපොළ මිලට අනුව තථ්‍ය කාලීනව ඔබේ ගිණුමේ ශේෂය යාවත්කාලීන වේ.

භාගික (fractional) පිප් මිලකරණය සමග ඔබට තදින් බැඳුණු ස්ප්‍රෙඩ් සමග වෙළඳාම් කළ හැකි අතර ලබා ගත හැකි වඩාත්ම නිවැරදි මිල කැඳවීමෙන් ප්‍රයෝජන ගත හැකිය.

ඔබට එකවර විවෘතව තබා ගත හැක්කේ position 300ක් දක්වා පමණක් බව කාරුණිකව සලකන්න (එක් සේවාදායකයෙකුට සහ pending ඇණවුම්ද ඇතුළත්ව).

වෙළඳපොළ ඇණවුම් සම්පූර්ණ කිරීම (fills)

අපි ලොට් 50ක් දක්වා (මිලියන 5) වෙළඳපොළ ඇණවුම් සම්පූර්ණ කිරීම් සහතික වන බැවින් XM හිදී ඔබට මිලියන 5ක් සරල ක්ලික් කිරීමක් මගින් වෙළඳාම් කළ හැකිය. කෙසේනමුත්, ඔබ මෙයටත් වඩා විශාල ප්‍රමාණයකින් ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට ඇණවුම කුඩා වෙළඳ කොටස්වලට වෙන් කළ හැකිය.

Stop - Loss සහ Limit ඇණවුම් සම්පූර්ණ කිරීම (fills)

XM හිදී අවදානම් කළමනාකරණයේදී stop-loss සහ limit ඇණවුම්වල වැදගත්කම අපි තේරුම් ගනිමු. ලබා ගත හැකි හොඳම වෙළඳපොළ මිලට ලොට් 50ක් දක්වා එවැනි ඇණවුම් දෙකෙහිම සම්පූර්ණ කිරීම (fills) අපි සහතික වන්නේ එබැවිනි.

නිවාඩු දිනවල සහ සති අන්තයේ ක්‍රියාත්මක කිරීම

සිකුරාදා දිනයක වැසීමෙන් සහ ඉරිදා දිනයක විවෘත කිරීමෙන් කිසියම් වෙළඳපොළ හිඩැසක් නිර්මාණය වන්නේ නම් XM සියලු pending limit හෝ stop ඇණවුම් අනුරූප position ප්‍රමාණය සඳහා ලබා ගත හැකි පළමු වෙළඳපොළ මිලට ක්‍රියාත්මක කරයි.

වාෂ්පශීලී හෝ අද්‍රවශීලී වෙළඳපොළ වෙළඳාම

එහි සුපරික්ෂාකාරී බව සහ විවිධ ද්‍රවශීලතා සපයන්නන් සමග ඇති ව්‍යාපාරික හවුල්කාරීත්වය හේතුවෙන් පවතින හොඳම වෙළඳපොළ මිලට ඇණවුම් ක්‍රියාත්මක කිරීමෙන් වාෂ්පශ්‍රීල වෙළඳපොළ තත්ත්වයන් තුළ පවා ඔබට හොඳම සේවය සැපයීම XM අරමුණු කරයි.

අපගේ ඇණවුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියේ ඇති විස්තර වැඩි දුරටත් කියවන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.