MT4 ලෙස සාමාන්‍යයෙන් භාවිත වන MetaTrader 4 සිල්ලර විදේශ විනිමය සඳහා බහුලව යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික් වෙළඳ වේදිකාවකි. එය වර්තමානය වන විට ලොව පුරා තැරැව්කරුවන් සහ බැංකු 500කට ආසන්න ප්‍රමාණයකට බලපත්‍ර ලබා දෙන්නා වූ රුසියානු මෘදුකාංග සමාගමක් වන MetaQuotes මෘදුකාංග සංස්ථාව විසින් සංවර්ධනය කර ඇත. 2005දී නිකුත් කරන ලද MT4 වෙළඳ මෘදුකාංගය විශේෂයෙන් එහි ඇති භාවිත කිරීමට පහසු විශේෂාංග සහ පරිශීලකයින්ට ඔවුන්ගේම trading scripts සහ trading robots (සාමාන්‍යයෙන් expert advisors ලෙස හැඳින්වෙන) ලිවීමට ඉඩ දීමෙන් ස්වයංක්‍රීය වෙළඳාමට පවා පහසුකම් සැලසීමේ හැකියාව හේතුවෙන් සිල්ලර ෆොරෙක්ස් වෙළඳුන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් විය. ඔවුන් වෙළඳාම් කරන්නේ ෆොරෙක්ස් හෝ CFD (විවිධ මූල්‍ය උපකරණ මත වෙළඳ සඳහා ගිවිසුම්) වුවද බොහෝ මාර්ගගත වෙළදුන් සහ ආයෝජකයින් අතර, වර්තමානය වන විට MetaTrader 4 යනු නිසැකවම ඉතා ප්‍රසිද්ධ නාමයකි.
ගෝලීය වෙළඳපොළවලට ප්‍රවේශ වීමට ඇති වඩාත් ජනප්‍රියතම වෙළඳ වේදිකාව ලෙස පමණක් නොව සිල්ලර විදේශ විනිමය වෙළඳාම සඳහා වන (එනම් විශේෂයෙන්ම තනි මාර්ගගත වෙළඳුන් සඳහා සංවර්ධනය කර ඇත) වඩාත් කාර්යක්ෂම මෘදුකාංගය ලෙස MT4 සලකනු ලැබේ. මාර්ගගත (හෝ ඉලෙක්ට්‍රොනික) වෙළඳ වේදිකා යනු විවිධ මූල්‍ය උපකරණ සඳහා වෙළඳ ඇණවුම් සිදු කිරීමට පරිගණකය පාදක කර ගත් මෘදුකාංග ක්‍රමලේඛයි. මූල්‍ය අතරමැදියන් ලෙස ක්‍රියාත්මක වන (එනම් ඔවුන්ගේ ගනුදෙනු ක්‍රියාත්මක කිරීමෙන් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර මාර්ගගත ගනුදෙනු සඳහා පහසුකම් සලසයි) මූල්‍ය ආයතන (උදා. තැරැව්කාර සමාගම්) සහිත ජාලයක් හරහා ඒවා ක්‍රියාත්මක වෙයි. මාර්ගගත ආයෝජකයින්ට වෙළඳ වේදිකා මගින් ප්‍රවාහය වෙමින් සජීවී වෙළඳපොළ මිල ගණන් මත වෙළඳාම් කළ හැකිය. එසේම මෙම වෙළඳ වේදිකා මගින් සපයනු ලබන වෙළඳ ගිණුම් කළමනාකරණය, සජීවී පුවත්, ප්‍රස්තාර පැකේජ වැනි අමතර වෙළඳ මෙවලම් මෙන්ම expert advisors ලෙසද හැඳින්වෙන trading robots භාවිතය සමගින් ඔවුන්ගේ ලාභ විභවය වැඩි දියුණු කළ හැකිය.
මුදල්, කොටස්, බැඳුම්කර, futures සහ options වැනි මූල්‍ය උපකරණ මාලාවක් වෙළඳාම් කිරීමට වර්තමානයේ භාවිත කරන මාර්ගගත වෙළඳ වේදිකා සමග සැසඳීමේදී, පළමුවෙන් භාවිත වූ එවැනි මෘදුකාංග බොහෝසෙයින් කොටස් හුවමාරුව හා සම්බන්ධිත විය. 1970 වන තෙක් තැරැව්කරුවන් සහ ඔවුන් ගනුදෙනු කරන අනෙක් පාර්ශවය අතර සිදු වන මූල්‍ය ගනුදෙනු සිදු වූයේ මැනුවල් ආකාරයටය. එසේම වෙළඳුන්ට ඍජුව ගෝලීය මූල්‍ය වෙළඳපොළට ප්‍රවේශ වීමට හැකියාවක් නොතිබූ අතර එය සිදු කළ යුතු වූයේ අතරමැදියෙකු හරහාය. මෙම ගනුදෙනුවලින් කොටසක් හෝ සිදු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික වෙළඳ වේදිකා යෙදවීම ආරම්භ වූයේද මෙම කාල වකවානුවේදීය. RFQ (request for quote) පද්ධති ලෙස හැඳින්වූ එවැනි මුල්ම වෙළඳ වේදිකා මූලික වශයෙන් භාවිත කෙරුනේ කොටස් හුවමාරු සඳහාය. ඒ හරහා සේවාදායකයින් සහ තැරැව්කරුවන්, පසුවට අනුමත කරන ලද ඇණවුම් සිදු කිරීම කරන ලදි. 1970 ආරම්භ වී, සජීවී ප්‍රවාහ මිල ගණන් ලබා නොදුන් ඉලෙක්ට්‍රොනික වෙළඳ වේදිකා, සජීවී මිල ප්‍රවාහ සහ වැඩි දියුණු කළ සේවාදායක පරිශීලක අතුරුමුහුණත් මෙන්ම ඇණවුම් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම යනාදියත් සමග ක්‍රමයෙන් වඩාත් දියුණු මෘදුකාංග මගින් ප්‍රතිස්ථාපනය විය.
MT4 සංවර්ධනය වූයේ කෙසේද?
අන්තර්ජාලය පදනම් කරගත් විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළඳ වේදිකාවේ පළමු පරම්පරාව 1996 දී බිහිවූ අතර එය සිදු වූයේ විදේශ විනිමය වඩාත් වේගවත් ලෙස වර්ධනය වීමට සහ පාරිභෝගික වෙළඳපොළ පුළුල් කිරීමට හැකියාව ලබා දෙමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙබ් පාදක සිල්ලර විදේශ විනිමය තනි පාරිභෝගිකයින්ට ගෝලීය වෙළඳපොළවලට ප්‍රවේශ වීමට සහ ඔවුන්ගේම පරිගණකවලින් ඍජුවම මුදල් මත වෙළඳාම් කිරීමට ඉඩ ලබා දුන්නේය. එවැනි ඉලෙක්ට්‍රොනික වෙළඳ වේදිකාවල පළමු පරම්පරාව පරිගණක වෙත භාගත කළ හැකි මූලික මෘදුකාංග වූ අතර ඒ වන තුරුද භාවිතයට පහසු අතුරු මුහුණත් නොමැති වුවද, වඩාත් වැඩි දියුණු කළ ගුණාංග සහ මෙම ක්‍රමලේඛ සඳහා වෙබ් පාදක වේදිකා ලෙස භාවිත කිරීමට ඇති විකල්පය සඳහා මෙන්ම trading robots වැනි ස්වයංක්‍රීය මෙවලම් සමග අනුකූල ජංගම උපාංග (උදා. ස්මාර්ට් දුරකථන, ටැබ්ලට) සඳහා හේතු පාදක වෙමින් තාක්ෂණික විශ්ලේෂණ සහ ප්‍රස්තාර මෙවලම් වැනි නව විශේෂාංග ක්‍රමයෙන් එකතු විය.
අන්තර්ජාල වෙළඳ වේදිකා හඳුන්වාදීමත් සමග ගෝලීය වෙළඳපොළට ප්‍රවේශ විය හැකි සහ තැරැව්කරුවන් සහ බැංකු හරහා මාර්ගගතව වෙළඳාම් කළ හැකි පුද්ගලයින්ට සම්බන්ධ විදේශ විනිමය වෙළඳපොළේ වේගයෙන් වර්ධනය වන කොටසක්ද මතු වී තිබේ. මෙම වෙළඳපොළ කොටස කුඩා ආයෝජකයින්ට පවා වෙළඳපොළවලට ප්‍රවේශ වීමට සහ කුඩා ප්‍රමාණවලින් වෙළඳාම් කිරීමට ඉඩ ලබා දුන්නේය. විශේෂයෙන්ම සිල්ලර විදේශ විනිමය වෙළඳාම සඳහා තාක්ෂණික වශයෙන් වඩාත් සංකීර්ණ වෙළඳ වේදිකා සඳහා ඇති ඉල්ලුම වර්ධනය වෙමින් පැවති අතර පුද්ගලයින්ට ගෝලීය වෙළඳපොළ තුළ ඍජුවම වෙළඳාම් කිරීමේ අවශ්‍යතාව වර්ධනය විය. 2005 දී නිකුත් කරන ලද MetaTrader 4 වෙළඳ වේදිකාව යනු සිල්ලර විදේශ විනිමය වෙළෙන්ඳන් විශාල සංඛ්‍යාවකට අන්තර්ජාලය හරහා ලෝකයේ සෑම තැනකම පාහේ මුදල් හුවමාරු කිරීම සහ අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා සමපේක්ෂණය සහ ලාභ ලැබීමේ අරමුණින් ආයෝජනය කිරීමට හැකි වූ මෘදුකාංගයකි.
MetaTrader (MT4) හි භාවිතය
වර්තමානය වන විට මිලියනයකින් අඩකටත් අධික සිල්ලර වෙළෙන්දු සංඛ්‍යාවක් ඔවුන්ගේ දිනපතා වෙළඳ ක්‍රියාකාරකම් සඳහා MT4 වෙළඳ වේදිකාව උපයෝගී කර ගනිති. ඒ ස්වයංක්‍රීය වෙළඳාම, ජංගම වෙළඳාම, එක් ක්ලික් කිරීමක් හරහා සිදු කරන වෙළඳාම, පුවත් ප්‍රවාහ, සංකලිත අභිරුචි දර්ශක, ඇණවුම් විශාල ප්‍රමාණයක් හැසිරවිය හැකි වීම, දර්ශක සහ ප්‍රස්තාර මෙවලම් සැලකිය යුතු ප්‍රමාණයක් පැවතීම යනාදී ඔවුන්ගේ ආයෝජන තීරණවලට උපකාරී වන ලක්ෂණ සමූහයක් සමගිනි. බහුකාර්ය ආයෝජන කුසලතා සහ භාවිතයන් සහිත පළපුරුදු වෙළඳුන්ට සේම ආරම්භක වෙළඳුන් සඳහාද සුදුසු මෙම MT4 වර්තමානයේ ලෝකයේ සෑම තැනකම පාහේ අන්තර්ජාලය සමග කටයුතු කරන මූලික වෙළඳ මෘදුකාංගය ලෙස සැලකිය හැකිය.
MT4 සහ ස්වයංක්‍රීය වෙළඳාම
ඉතා ඉක්මන් ප්‍රතික්‍රියා කාලයක් සහිත සහ MetaTrader 4 හි MQL ක්‍රමලේඛ භාෂාව උපයෝගී කර ගනිමින් වෙළඳුන් විසින් පෙර තීරණය කරන ලද වෙළඳ නීතී මාලාවකට (entries සහ exits වැනි) අනුව සැකසී ඇති ස්වයංක්‍රීය වෙළඳාම, වෙළඳ ඇණවුම් ස්වයංක්‍රීයව සැකසීමට උපකාරී මෙවලමක් බව මාර්ගගත ආයෝජකයින් හොඳින් දන්නා කරුණකි. පද්ධති වෙළඳාම ලෙසද හැඳින්වෙන ස්වයංක්‍රීය වෙළඳාමෙහි තවත් ප්‍රධාන වාසියක් පවතී. එනම්, එය යාන්ත්‍රිකව වෙළඳාම් සිදු කරන බැවින් සහ වෙළඳුන්ගේ සැකසුම් මත පදනම් වී ඇති බැවින් එය බොහෝ විට ආයෝජක තීරණ කෙරෙහි අහිතකර ලෙස බලපාන චිත්තවේගාත්මක සාධකය වෙළඳාමෙන් බැහැර කරයි. මේ අනුව, වෙළඳ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම විශ්ලේෂණ ක්‍රියාවලීන් සමග, ආයෝජකයින් වෙනුවෙන් වෙළඳාම හැසිරවීමේ හැකියාව එයට ඇත.
මැනුවල් වෙළඳාම සමග කළ නොහැකි වේගයකින් පුනරාවර්ති වෙළඳ ඇණවුම් ක්‍රියාත්මක කරමින් MT4 වෙළඳ වේදිකාවේ අති නවීන තාක්ෂණය, ස්වයංක්‍රීය වෙළඳාම එහි පූර්ණ ඒකාබද්ධ අංගයක් ලෙස සපයයි. Market Watch භාවිතය මෙන්ම වෙළඳාම් ක්‍රියාත්මක කිරීම තුළින් මෙය බොහෝ ආයෝජකයින් සඳහා සැලකිය යුතු කාලයක් ඉතිරි කරයි.
Backtesting (එනම් පෙර කාල සීමාවලදී වෙළඳ උපාය මාර්ග පරික්ෂා කිරීම) ස්වයංක්‍රීය වෙළඳාමේ තවත් එක් වාසියක් වන අතර ඒ හරහා පැරණි වෙළඳපොළ දත්තවලට වෙළඳ නීති යොදවයි. එබැවින් එය ආයෝජකයින්ට විවිධ වෙළඳ අදහස්වල කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට උපකාරී වෙයි. සුදුසු backtesting යෙදීම තුළින්, වඩා හොඳ ප්‍රතිඵල සඳහා ඔවුන්ගේම වෙළඳ පරිචයන් තුළ, පසුව යෙදිය හැකි වෙළඳ අදහස් පහසුවෙන් ඇගයීම සහ සියුම් ලෙස සකස් කිරීම වෙළඳුන්ට සිදු කළ හැකිය. ඵලදායී ස්වයංක්‍රීය වෙළඳාම වෙළඳපොළ වෙළඳාම සඳහා නවීන ක්‍රමයක් වන අතර ප්‍රධාන වශයෙන් ආරම්භක වෙළඳුන් සඳහා ඉගෙනීමේ ක්‍රියාවලියේදී කුඩා ප්‍රමාණවලින් ආරම්භ කිරීම සුදුසුය.
එයට අමතරව, ස්වයංක්‍රීය පද්ධතිය මගින් සිදු කරනු ලබන වෙළඳාමේ ප්‍රතිඵලයට විභව යාන්ත්‍රික දෝෂද බලපෑ හැකි අතර දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවක් ඇති වෙළඳුන්ට ස්වයංක්‍රීය වෙළඳාම හරහා හසුරුවන වෙළඳාම් මැනුවල් ආකාරයෙන් අධීක්ෂණය කිරීමටද බල කෙරෙයි. මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා, පරිගණකයේ දෝෂ හෝ හදිසි විදුලි බිඳ වැටීම් වැනි ඕනෑම ඍණාත්මක සාධකයක් බැහැර කිරීමට ප්‍රකාශ තන්තු පදනම් අය කිරීමක් රහිත XM MT4 VPS (අතථ්‍ය පෞද්ගලික සේවාදායකය) සේවාව ස්වයංක්‍රීය වෙළඳාම්වල සුමට මෙහෙයුම් සහතික කරන අතර සේවාදායකයින්ට MT4 VPS වෙත සම්බන්ධ වීමට මෙන්ම බාධාවකින් තොරව වෙළඳාම් කිරීමට ඉඩ සලසමින් සෑම විටම expert advisors ද සහතික කරයි.
ස්වයංක්‍රීය වෙළඳාම සහ MQL
ස්වයංක්‍රීය වෙළඳාම යනු MetaTrader 4 හි ඇති වඩාත් ජනප්‍රියතම ලක්ෂණයකි. 2014 සිට NASDAQ සහ නිව්යෝක් කොටස් වෙළඳපොළ ඇතුළු 75%කට අධික එක්සත් ජනපදයේ කොටස් වෙළඳාම් ස්වයංක්‍රීය වෙළඳ පද්ධති ඇණවුම් මගින් සිදු කිරීමම ඉතා වැදගත් දත්තයකි. කොටස් මත වෙළඳාම පමණක් නොව විදේශ විනිමය (ෆොරෙක්ස්), ඉදිරි ගනුදෙනු (futures) සහ option මත වෙළඳාම සඳහා ඉඩ සලසමින් වර්තමානයේ MT4 මෘදුකාංගයේ පවතින ස්වයංක්‍රීය වෙළඳාම සිල්ලර වෙළදුන්ට සහ ආයෝජකයින්ටද ලබාගත හැකි වීම ඉතා ධනාත්මක කරුණකි. MT4 වෙළඳ වේදිකාව, වෙළඳුන්ට ඔවුන්ගේම expert advisors (එනම් trading robots), අභිරුචි දර්ශක සහ ලේඛන ක්‍රම සංවර්ධනය කිරීමට මෙන්ම MT4 උපාය මාර්ග පරීක්ෂකය සමග ඔවුන්ගේ EA පරික්ෂා කිරීමට සහ ප්රශස්ත කිරීමට උපකාරී වන වෙළඳ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා හිමිකම් ඇති ලේඛන භාෂාවක් වන MQL4 භාවිත කරයි.
පෙර ලැබුණු සහ වර්තමාන මිල කැඳවීම් විශ්ලේෂණය කිරීමට, සංකලිත තාක්ෂණික දර්ශක අනුව මිලෙහි සිදු වන වෙනස්කම් අනුගමනය කිරීමට සහ ඔවුන්ගේ වෙළඳ ඇණවුම් කළමනාකරණය කිරීමට පමණක් නොව අඛණ්ඩව පාලනය කිරීමට MQL4 හි කාර්යයන් රාශියක් ඇතුළත් වේ. MT4 මෘදුකාංගය මත වෙළෙඳුන්ගේ අලෙවිය තුළ 30කට අධික අභිරුචි තාක්ෂණික දර්ශක පවතින අතර ෆොරෙක්ස් හැරුණු කොට විවිධ මූල්‍ය උපකරණ මතද පවතී. එය ආයෝජකයින්ට මිලෙහි ගතික රටා, වෙළඳපොළ ප්රවණතා හඳුනා ගැනීමට මෙන්ම සිදු විය හැකි entry සහ exit පොයින්ට් තීරණය කිරීමට සහ වෙළඳ සංඥා කළමනාකරණය කිරීමට උපකාරී වෙයි.
MQL4 ක්‍රමලේඛ භාෂාවෙන් ලියා ඇති වෙළඳ ක්‍රමලේඛ විවිධ අරමුණු ඉටු කරන අතර වෙළඳුන්ට විවිධ විශේෂාංග ඉදිරිපත් කරයි. විශේෂිත ප්රස්තාරවලට සම්බන්ධ expert advisors විය හැකි වෙළඳාම් පිළිබඳ මාර්ගගත ආයෝජකයින්ට වටිනා තොරතුරු සපයන අතර වෙළඳ සේවාදායකය වෙත ඇණවුම් ඍජුව යොමු කිරීම හරහා ඔවුන් වෙනුවෙන් වෙළඳාම් ක්‍රියාත්මක කිරීමටද හැකිය. මේ සමග, MQL4 භාවිත කිරීම හරහා ආයෝජකයින්ට ඔවුන්ගේම අභිරුචි දර්ශක ලිවිය හැකි අතර MT4 සේවාදායක ටර්මිනලයේ පවතින ඒවාට අමතරව මේවාද භාවිත කළ හැකිය. MQL4 සතුව ස්ක්‍රිප්ට් ද පවතින අතර expert advisors මෙන් නොව මේවා වෙළඳුන් වෙනුවෙන් කිසිදු පෙර තීරණය කරන ලද ක්‍රියාකාරකම් ඉටු නොකරයි. එසේම ඒවා ඇතැම් වෙළඳ ක්‍රියාකාරකම්වල තනි ක්‍රියාවන් හැසිරවීම සිදු කරයි.
ජංගම උපකරණයක් ඇසුරින් වෙළඳාම සහ MT4
MetaTrader 4 නිර්මාණය වූයේ 21 වන සියවසේ තාක්ෂණයේ සියලු අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුවයි. එය හැකි උපරිම ආකාරයෙන් නම්‍යශීලිත්වය සහතික කරන අතර මූලික හරය වන්නේ සංචලතාවයි. ඔවුන්ගේ Windows සහ Mac මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් පරිගණක හැරුණු විට, MT4 ජංගම වෙළඳ විකල්පය ආයෝජකයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට තුළින් වෙළඳ වේදිකාවට ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන්නේ එබැවිනි. වෙළඳ ආයෝජන කළඹ (portfolio) මෙන්ම බහු වෙළඳ ගිණුම් කළමනාකරණය සහ/හෝ අධීක්ෂණයද ප්‍රායෝගිකව සක්‍රියව සිදු කළ හැකිය. එක් අතුරු මුහුණතකින් සහ ස්මාර්ට් ජංගම දුරකථන, පොකට් සහ ටැබ්ලට් පරිගණක වැනි අතේ ගෙන යා හැකි උපාංගවලින් බහුවිධ වෙළඳ ගිණුම් කළමනාකරණය කිරීමේ හැකියාව ආයෝජකයින්ට වෙළඳාමේ නිශ්චිත වාසියක් ලබා දෙන අතර iOS මෙහෙයුම් පද්ධතිය සමග මෘදුකාංගයේ ගැළපුම Mac පරිශීලකයින්ට දවසේ පැය 24 පුරාම වෙළඳපොළ වෙනස්කම් අනුගමනය කිරීමට සහ iPhone, iPad හෝ iPod Touch වෙතින් ඍජුව වෙළඳාම් කිරීමට ඉඩ ලබා දෙයි.
MT4 ජංගම වෙළඳාම මාර්ගගත ආයෝජකයින්ට ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ගෝලීය වෙළඳපොළ අනුගමනය කිරීම ඉතා පහසු කරයි. එමෙන්ම ක්ෂණිකව ඇණවුම් සිදු කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔවුන් නිවෙස් පරිගණකවලින් දුරස්ව සිටින විටදී පවා ඔවුන්ගේ ගිණුම් කළමනාකරණයට ඉඩ සලසයි. මීට අමතරව, යෝග්‍ය ගිණුම් කළමනාකරණයක් සඳහා ජංගම වෙළඳාම, පුළුල් පරාසයක විශ්ලේෂණ විකල්ප සහ මිල කැඳවීම්වල චිත්‍රක දර්ශක සපයයි. ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් සඳහා වන MT4 ජංගම වෙළඳ විකල්ප ටැබ්ලට් පරිගණක මගින් සිදු කරන වෙළඳාමට ඒ අයුරින්ම සමාන බැවින් වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මාර්ගගත ආයෝජකයින්ට එකම වේගයකින් සහ එකම වෙළඳ මෙවලම් භාවිතයෙන් ඔවුන්ගේ වෙළඳ ක්‍රියාකාරකම් සිදු කළ හැකිය.