XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

METATRADER 5 (MT5)

XM MT5 - එක් වෙළඳ වේදිකාවක් සමගින් වත්කම් පන්ති 7ක්

mt5 pc screenshot

ලෝක මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය ලබා ගන්න


XM MT5 හි ප්‍රධාන ලක්ෂණ

  • 1000කට අධික උපකරණ ප්‍රමාණයක් සඳහා බහු වත්කම් වෙළඳ වේදිකාවක් වීම
  • එකවර ප්‍රස්තාර 100ක් ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව
  • වෙළඳපොළ ඇණවුම්, පොරොත්තු (pending) ඇණවුම්, stop ඇණවුම් සහ trailing stop ඇතුළු සියලු ඇණවුම් වර්ගවලට සහාය දැක්වීම
  • 80කට අධික තාක්ෂණික දර්ශක සහ 40කට අධික විශ්ලේෂණාත්මක වස්තූන්
  • උසස් සංකලිත MQL5 සංවර්ධන පරිසරය
  • Android සහ iOS සඳහා ජංගම වෙළඳාම
  • Windows, Mac, Linux මෙහෙයුම් පද්ධති සඳහා වෙබ් වෙළඳාම
  • අභ්‍යන්තර තැපැල් පද්ධතිය
  • Multi-currency tester සහ alerts

නිතර යොමු වන ගැටලු

මට MT5 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කිරීම ආරම්භ කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. ඔබේ පවත්නා MT4 ගිණුමෙන් MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කළ නොහැකිය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT5 වෙත ප්‍රවේශ වීමට මගේ MT4 ගිණුමේ ID භාවිත කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මගේ MT5 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ දැනටමත් MT4 ගිණුමක් සමග XM සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව සාමාජික අවකාශයෙන් අමතර MT5 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම් අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සැපයිය යුතුය.

මගේ පවතින MT4 වෙළඳ ගිණුමෙන් මට කොටස් CFD වෙළඳාම් කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. කොටස් CFD වෙළඳාම් කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT5 මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

MT5 වෙළඳ වේදිකාව මත ඔබට කොටස් CFD, කොටස් දර්ශක CFD, ෆොරෙක්ස්, වටිනා ලෝහ මත CFD සහ බලශක්ති මත CFD ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.