XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

රාත්‍රියෙහි position

XM හි rollover

තරඟකාරී ස්වැප් අනුපාත

පාරදෘශ්‍ය ස්වැප් අනුපාත

වත්කම් පන්ති 7ක් - වෙළඳ වේදිකා 10ක් - මූල්‍ය උපකරණ 1000කටත් අධික ප්‍රමාණයක්
XM හි ෆොරෙක්ස්, තනි කොටස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති, සමකොටස් සහ තේමාත්මක (thematic) දර්ශක ට්‍රේඩ් කරන්න.

ඔබේ position රාත්‍රියෙහි විවෘතව තැබීම

රාත්‍රියෙහි විවෘතව තැබුණු position මගින් rollover පොලියක් අය කිරීම සිදු විය හැකිය. ෆොරෙක්ස් උපකරණවලදී, බැර කරන ලද හෝ අය කරන ලද මුදල ගනු ලබන position (එනම් long හෝ short) සහ වෙළඳාම් කරන ලද මුදල් වර්ග දෙකෙහි අනුපාත වෙනස්කම් මත රඳා පවතියි. කොටස් (stocks) සහ කොටස් දර්ශකවලදී, බැර කරන ලද හෝ අය කරන ලද මුදල රඳා පවතින්නේ short හෝ long position ගෙන තිබේද යන්න මතයි.

Rollover පොලී අදාළ වන්නේ මුදල් උපකරණ සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. කල් ඉකුත් වීමේ දිනයක් ඇති futures නිෂ්පාදන සම්බන්ධයෙන් ගත් කල ඒවාට රාත්‍රියෙහි අය කිරීම් නොමැත.

Rollover පිළිබඳ

Rollover යනු open position එකක බේරුම්කරණ දිනය ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියයි (එනම් ක්‍රියාත්මක කළ වෙළඳාමක් බේරුම්කරණය කළ යුතු දිනයයි). මුදල්වල භෞතික බෙදා හැරීම අදහස් කරන සියලු වෙළඳාම් බේරුම්කරණය කිරීම සඳහා ෆොරෙක්ස් වෙළඳපොළ ව්‍යාපාරික දින දෙකක් ලබා දෙයි.

කෙසේනමුත් මාජින් වෙළඳාමේදී, භෞතික වශයෙන් බෙදා හැරීමක් සිදු නොවන අතර සියලු open position දෛනිකව දිනය අවසානයේදි (22:00 GMT) වැසිය යුතු අතර පසු වෙළඳ දිනයේදී නැවත විවෘත කළ යුතුය. එබැවින්, මෙය බේරුම්කරණය තවත් එක් වෙළඳ දිනකින් ඉදිරියට ගෙනයාම සිදු කරයි. මෙම උපාය මාර්ගය rollover ලෙස හැඳින්වේ.

වෙළඳුන්ට පිරිවැයක් හෝ ලාභයක් වන ස්වැප් ගිවිසුමක් හරහා rollover සදහා එකඟ වේ. XM position වසා නැවත විවෘත නොකරන නමුත් එය සරලවම වත්මන් පොලී අනුපාත මත, වෙළඳ ගිණුම්වලට රාත්‍රියෙහි විවෘතව පැවති position සඳහා හර හෝ බැර කරනු ලබයි.

XM හි rollover ප්‍රතිපත්තිය

දෛනික බැංකු කටයුතු අවසන් කරන වේලාව වන 22:00 GMT ට පසු විවෘතව තැබෙන සියලු position සඳහා XM සේවාදායකයින්ගේ ගිණුම්වලට හර හෝ බැර කරන අතර rollover පොලිය තරඟකාරී අනුපාතවලින් හසුරුවයි.

වෙළඳපොළවල් වසා තබන විට සෙනසුරාදා සහ ඉරිදා ස්වැප් ගාස්තු (rollover) නොමැති වුවද, සති අන්තයේ විවෘතව තබන ලද ඕනෑම වෙළඳාමකට (position) අදාළව බැංකු පොලිය ගණනය කරයි. මෙම කාල පරාසය එක් මට්ටමකට ගෙන ඒමට XM බදාදා දිනවල ෆොරෙක්ස් සහ ලෝහ (රත්‍රං සහ රිදී) සඳහා දින 3ක ස්වැප් අය කිරීමක් ද සිකුරාදා දිනවල කොටස්, මුදල් බලශක්ති සහ මුදල් දර්ශක මත CFD සඳහා ස්වැප් අය කිරීමක් ද යොදවයි.

Rollover ගණනය කිරීම

ෆොරෙක්ස් සහ ලෝහ (රත්‍රං සහ රිදී) සදහා

Position රාත්‍රියෙහි විවෘතව පැවතීම සඳහා වන XM හි දළ ලාභය (mark-up) ද ඇතුළුව ෆොරෙක්ස් උපකරණ සහ ලෝහ මත position සඳහා වන rollover අනුපාත මගින් tomorrow-next day (එනම්, හෙට සහ පසු දිනය) අනුපාත අය කෙරෙයි. Tom-next අනුපාත XM විසින් තීරණය නොකරන අතර ඒවා ඇති වන්නේ position එකක් ලබා ගත් මුදල් වර්ග දෙක අතර පොලී අනුපාතයේ වෙනසෙනි.

උදාහරණය:

ඔබ USDJPY මගින් වෙළඳාම් කරන අතර tomorrow-next day අනුපාත පහත පරිදි වන බවට අනුමාන කරන්න.
Long position එකක් සඳහා +0.5%ක්
Short position එකක් සඳහා -1.5%ක්
මේ ආකාරයට, ඇමරිකාවේ පොලී අනුපාත ජපානයේ පොලී අනුපාතවලට වඩා ඉහළ වේ. මුදල් යුගළයේ රාත්‍රියෙහි විවෘතව පැවති long position එකක්, +0.5% - XM හි දළ ලාභය (mark-up) හිමි කර ගනු ඇත.
අනෙක් අතට, short position එකක් සඳහා ගණනය කිරීම වන්නේ -1.5% - XM හි දළ ලාභයයි.

සාමාන්‍යයෙන්, ගණනය කිරීම පහත පරිදි වේ:

වෙළඳ ප්‍රමාණය X (+/- tomorrow-next day අනුපාතය – XM හි දළ ලාභය)*

මෙහි +/- රඳා පවතින්නේ මුදල් යුගළයක මුදල් ඒකක දෙකෙහි අනුපාත අවකලනය මතය.

*මුදල quote currency හි පොයින්ට් වලට පරිවර්තනය කෙරේ.

කොටස් (stock) සහ කොටස් දර්ශක සඳහා

කොටස් (stock) සහ කොටස් දර්ශකවල position හි rollover අනුපාත, කොටසේ හෝ දර්ශකයේ පාදක වූ අන්තර්බැංකු අනුපාතයට (උදාහරණයක් වශයෙන්, ඕස්ට්‍රේලියානු ලැයිස්තුගත ඇපයකට එය, කෙටි කාලීන ණය සඳහා ඕස්ට්‍රේලියානු බැංකු අතර අය කරන පොලී අනුපාතය වනු ඇත), පිළිවෙලින් long සහ short position මත XM හි දළ ලාභය එකතු කළ හෝ අඩු කළ විට තීරණය වේ.

උදාහරණය:

ඔබ Unilever හි වෙළඳාම් කරන බවත් එක්සත් රාජධානියේ කෙටි කාලීන බැංකු අනුපාතය වාර්ෂිකව 1.5% බවත් අනුමාන කරන්නේ නම්, රාත්‍රියෙහි විවෘතව පැවති long position එකක් සඳහා ගණනය කිරීම පහත පරිදි වේ.
-1.5%/365 – XM හි දෛනික දළ ලාභය
අනෙක් අතට, short position සඳහා ගණනය කිරීම +1.5%/365 – XM හි දෛනික දළ ලාභය වේ.

සාමාන්‍යයෙන්, ගණනය කිරීම පහත පරිදි වේ (පහතින් දැක ගත හැකි පරිදි දෛනික අනුපාත සමග):

වෙළඳ ප්‍රමාණය X වැසුම් මිල X (+/- කෙටි කාලීන බැංකු අනුපාතය – XM හි දළ ලාභය)

මෙහි +/- රඳා පවතින්නේ යමෙක් මූල්‍ය උපකරණයක් මත short හෝ long position ගෙන තිබෙන්නේද යන්න මතය.

Rollover වෙන් කර ගැනීම

22:00 GMT වෙළඳ දිනයේ ආරම්භය සහ අවසානය ලෙස සලකනු ලැබේ. 22:00 GMT ට විවෘතව පවතින ඕනෑම position එකක් rollover සඳහා භාජනය වන අතර රාත්‍රියෙහි විවෘතව පවතිනු ඇත. 22:01ට විවෘත කළ position ඊළඟ දිනය වන තුරු rollover සඳහා භාජනය නොවන නමුත් ඔබ 21:59ට position එකක් විවෘත කරන්නේ නම් 22:00 GMT ට rollover සිදු වනු ඇත. 22:00 GMT ට විවෘත කරන සෑම position එකකටම පැයක් ඇතුළත ඔබේ ගිණුමේ බැර හෝ හර දිස්වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.