Manny Pacquiao Foundation වෙත XM සහාය ලබාදෙයි

පළ කළ දිනය: 02/11/2023 19:04 GMT. වැඩිදුරටත් කියවන්න CSR

සැප්තැම්බර් 28 වන දින Manny Pacquiao Foundation වෙත සහාය සැපයීම පිළිබඳ XM ආඩම්බරයට පත්වෙයි.

අපයෝජනයට සහ අසාධාරණයට ලක්වූ තරුණියන් රැකබලා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂයෙන් කටයුතු කරන Cameleon Association වෙත සහාය දක්වමින් අපගේ පරිත්යාගය අතිශයින් වැදගත් කාර්යයක් වෙත යොමු කර ඇත.

උපදේශන සහ පුනරුත්ථාපන සේවා, අත්යාවශ්ය දෛනික අවශ්යතා ඇතුළත් ආරක්ෂිත නවාතැන් මෙන්ම අවශ්ය මානසික සහ වෛද්ය ප්රතිකාර ලබා දීම හරහා මෙම තරුණ ජීවිතවලට ලැබිය යුතු සුවය සහ ප්රතිසාධනය හිමිවන බව අපි විශ්වාස කරමු. මෙම උපකාරයෙන් ඔවුන්ට ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයින් ලෙස නැවත සමාජයට එක්වීමට උපකාර කිරීම අරමුණු කරයි.

මෙම තරුණ දැරියන් දැනුමෙන් සහ කුසලතාවෙන් සවිබල ගන්වමින් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට හැකිවන පරිදි අධ්යාපනික වැඩසටහන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට අපගේ දායකත්වය උපයෝගී වනු ඇති බව ද අපි විශ්වාස කරමු.

Manny Pacquiao Foundation සහ Cameleon Association වැනි මුලපිරීම්වලට උපකාර කිරීම හරහා සෑම තරුණියකටම ගෞරවනීය සහ ප්රීතිමත් දිවියක් ගත කිරීමට හොඳම අවස්ථාවන් ලබා ගත හැකි යැයි අපි අපේක්ෂා කරමු.

බොක්සිං ශූරයෙකු වන Manny Pacquiao සමග එක්වී කටයුතු කිරීමට ප්රධානතම හේතුවක් වන්නේ අප අවට සමාජ වැඩිදියුණු කිරීමට සහ සවිබල ගැන්වීමට අපට පොදුවේ ඇති අවශ්යතාවයි.

ඔබටත් උපකාර කිරීමට අවශ්ය නම්, Manny Pacquiao Foundation වෙත මෙතනින් පරිත්යාගයක් සිදු කළ හැකිය.