XM 2023 කයිරෝ CFO සමුළුවට අනුග්රාහකත්වය සලසයි

පළ කළ දිනය: 01/12/2023 20:05 GMT. වැඩිදුරටත් කියවන්න XM සමාගමේ පුවත්

XM තවත් සාර්ථක මූල්ය අවස්ථාවක උපායමාර්ගික හවුල්කරු සහ අනුග්රාහක ලෙස කටයුතු කරන ලදි. 4 වන වාර්ෂික කයිරෝ CFO සමුළුව 2023 ඔක්තෝබර් 17 වන දින පැවති අතර ව්යාපාර සහ මූල්ය ප්රමුඛයින්ට එකිනෙකා සමග සම්බන්ධ වීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ එකිනෙකාගෙන් ඉගැනීමට මේ හරහා අවස්ථාව හිමිවිය.

අපගේ ප්රධාන තාක්ෂණික විශ්ලේෂක Muhammad Radwan ඊජිප්තු මුදල් සහ වෙළඳපොළවල ක්රියාකාරීත්වය පිළිබඳ පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදි. අනෙකුත් කථිකයින් කර්මාන්තයේ වර්ධනයන් මෙන්ම ව්යාපාරික සහ මූල්ය වෘත්තිකයින්ට ඩිජිටල් පරිවර්තන හරහා පහසුවෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ලදි.

4 වන වාර්ෂික කයිරෝ CFO සමුළුව පිළිබඳ

කයිරෝ CFO සමුළුව ඊජිප්තුවේ මූල්ය සහ ව්යාපාරික ප්රමුඛයින් සඳහා වන ප්රධානතම වේදිකාවයි. ඊජිප්තු වෙළඳපොළවල ගතික සහ අභියෝගාත්මක අවශ්යතාවන් පිළිබඳ විමර්ෂණය කිරීමට මෙම අවස්ථාව තුළින් අඛණ්ඩව වසර 4ක් කර්මාන්තයේ ප්රමුඛයින් සහ ව්යාපාර හිමිකරුවන්ට අවස්ථාව සලසන ලදි. එහි අරමුණ වන්නේ කළාපයේ ආර්ථික වර්ධනය ප්රවර්ධනය කිරීම සහ තිරසාරව පවත්වා ගැනීමයි.

මූල්ය සහ ව්යාපාරික කර්මාන්ත සඳහා එවැනි සවිබල ගැන්වීමේ කටයුත්තක කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳ අපි සතුටට පත්වන්නෙමු. සාර්ථකත්වයට ප්රධානතම හේතුව වන්නේ මූල්ය ප්රජාව සමග අදහස් සහ අත්දැකීම් හුවමාරු කරගැනීමයි. මිනිසුන් එකිනෙකා සමග සම්බන්ධ කරමින් වර්ධනය දිරිමත් කරන ගෝලීය අවස්ථා සඳහා XM අඛණ්ඩව සහාය වනු ඇත.